මෙය අද වන විට ලැබී ඇති ඉතාම සුවිශේෂී ආරාධනයකට අදාළවය – ලන්ඩනයේ King’s College London හි පැවැත්වෙන දේශනයකට මහාචාර්ය අතුල සුමතිපාල මහතාට ආරාධනාවක් ලැබිණි. මෙම දේශනය 2025 ජූනි මස 4 වන දිනට නියමිත වන අතර, මාතෘකාව වන්නේ:
“The Key to Successful Global Health Collaborations: Research, Ethics and Community Engagement and Involvement” (සාර්ථක ගෝලීය සෞඛ්‍ය සහකාරීත්වයන් සඳහා තීරණාත්මක සාධක: පර්යේෂණ, ආචාරධර්ම සහ ප්‍රජා සහභාගිත්වය)
මෙය පදනම් වන්නේ British Medical Journal (BMJ) හි “Leadership” සඟරාවෙහි පළවූ ලිපියක් ආශ්‍රිතවයි. මෙම ලිපිය රචනා කරන්නේ මහාචාර්ය අතුල සුමතිපාල , බුද්ධිකා ප්‍රනාන්දු, ක්‍රිෂානි ජයසිංහ යන අපේ කන්ඩායමයි. එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා සමාජීය පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ වසර 25ක පර්යේෂණ පදනම් කරගෙන ලියන ලද්දකි.
නිවුන් පර්යේෂණ – ලෝකයට බලපෑමක් කළ ගමනක්
අප ආයතනය පසුගිය වසර 25ක් පුරා නිවුන් දරුවන් හා වැඩිහිටියන්ගේ සහභාගීත්වයෙන්, නිවුන් පර්යේෂණ ක්‍රමවේදය යොදාගනිමින් පර්යේෂණ සිදු කරමින් තිබේ. එම අත්දැකීම් මත පදනම්ව, රටවල් 66ක සහභාගීත්වයෙන් යුතු ජාත්‍යන්තර වාර්ෂික සමුළුවක් 2025 අගෝස්තු 10–12 ත් දිනයන් හි කොළඹ පවත්වන්නට නියමිතව ඇත.
නිවුන් පර්යේෂණය සඳහා ජාත්‍යන්තර සංවිධානයේ මහා ලේකම් ලෙස කටයුතු කරන්නේ මහාචාර්ය අතුල සුමතිපාල මහතා වන අතර, මේ පවත්වන දේශනය මෙන්ම එය පවත්වන තැනද සුවිශේෂත්වයක් දරයි. මෙය මහාචාර්ය අතුල සුමතිපාල සායනික හා පර්යේශන පුහුනුව ලැබු ස්තානය මෙන්ම අද ගොලිය මානසික සෟඛ්‍යය පිලිබද සම්මානිත මහාචාර්ය දුරයක් හොබවන ආයතනයකි
ලන්ඩනයේ කිංග්ස් කොලිජියේ මානසික රෝග විද්‍යා, මනෝ විද්‍යාව සහ ස්නායු විද්‍යා ආයතනයට අනුබද්ද සමාජ, ජාතික සංවර්ධන මනෝවිද්‍යාත්මක මධ්‍යස්ථානය (Social, Genetic and Developmental Psychiatric Cente, Psychiatry, Psychology and Neurosciences, Kings College London)
එය ලෝකයේ ප්‍රධානම පෙලේ පර්යේෂණ ආයතනයකි. එහි නිවුන් පර්යේෂණ ද සුවිශේච තැනක් ගනී. මෙහි පළමු චයරුප යේ දැක්වෙන පරිදි එය පටන් ගත්තේ තනි පුංචි ජංගම කාමරයකය. අද එය දැවැන්ත ගොඩනැගිලි වලින් සමන්විතය.
ශ්‍රී ලංකාවේ ආරම්භය – පුංචි කාමරයකින් ලෝක වේදිකාවට
King’s College London ආයතනයේ ආධාරය හා මග පෙන්වීම මත ආරම්භ වූ සෞඛ්‍ය හා සමාජීය පර්යේෂණ හා සංවර්ධන ආයතනය ද එක් කුඩා කාමරයකින් ආරම්භ වී අද ලෝක මට්ටමේ ආයතනයක් බවට පත්ව ඇත. මෙහි නායකයන් වූ පර්යේෂකයන්, අද එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, යුරෝපය, ඇමරිකාව යන රටවල්වලදී තවත් පර්යේෂණ ගමන් අරඹා ඇත.
💻 Online සම්බන්ධ විය හැකිය (ප.ව. 3.30 සිට 4.30 දක්වා)
Microsoft Teams හරහා මෙම දේශනය සජීවීව නැරඹිය හැකිය
IRD මාධ්‍ය අංශය





