මානසික සෞඛ්ය සම්බන්ධ පර්යේෂණ සැලසුම් කිරීම සඳහා තරුණ හඬවල් සම්බන්ධ කර ගැනීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින්, පසුගිය දා කොළඹ රාජකීය විද්යාලයේදී එම පාසැලේ සිසුන් සම්බන්ද කර ගනිමින් නව යොවුන් වියේ උපදේශක කණ්ඩායමක් පත්කර ගැනීම නිල වශයෙන් දියත් කළෙමු.
මෙම සමාරම්භක සැසියේදී, සිසුන් සමග මානසික සෞඛ්යය සහ චිත්තවේගීය යහපැවැත්ම පිළිබඳ සාකච්ඡාවල නිරත වූවා මෙන්ම, අත්දැකීම් ප්රකාශ කිරීමේ ප්රබල මාධ්යයක් වන සිතුවම් ක්රියාකාරකමකට ද ඔවුන් සහභාගී වූහ.
මෙම අවස්ථාව සදහා සෞඛ්ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතා ද, පර්යේශණ සහායිකා ජනනි ඕපාත, සමීහා ජාබිර් යන මහත්මීන් ද වෛද්ය රිසිත වාකිශ්ඨආරච්චි මහතා ද එක්ව සිටියේ ය.
මේ සඳහා පූර්ණ සහයෝගය සහ අනුග්රහය ලබා දුන් රාජකීය විද්යාලයේ සිසුන්ට සහ එම කාර්ය මණ්ඩලයට හෘදයාංගම ස්තූතිය පල කරමු.
IRD මාධ්ය අංශය