Search

මිහිලිය පවුර’ සමග එක්ව — ‘අඳුරු වලා බිඳ’ වාර්තාමය ටෙලිනාට්‍යය මගින් පූර්ව සහ පසු ප්‍රසව විෂාදය පිළිබඳ දැනුවත් කිරීමක්

පර්යේෂණ ප්‍රතිලාභ ජනතාව වෙනුවෙන්

මිහිලිය පවුර’ කාන්තා සංවිධානය විසින් සංවිධානය කොට තිබූ ගර්භනී මව්වරුන් වෙනුවෙන් භාණ්ඩ ලබාදීමේ අවස්ථාවක් පසුගිය දා අංගොඩ ස​ණස ශාලාවේදී පැවැත් වූ අතර එම සංගමය කල ආරාධනයකට අනු​ව

‘සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය’ විසින් ශ්‍රී ලංකාව තුළ කරන ලද ENHANCE (Scaling-up Care for Perinatal Depression through Technological Enhancements to the ‘Thinking Healthy Programme’) පර්යේෂණ ව්‍යාපෘතිය යටතේ, ශ්‍රී ලංකාවේ ගර්භනී සහ දරුවන් බිහි කළ මවුවරුන් මුහුණ දෙන ‘පූර්ව සහ පසු ප්‍රසව විෂාදය’ මානසික රෝගය පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද ‘අඳුරු වලා බිඳ’ නම් වූ වාර්තාමය ටෙලි නාට්‍ය ඔවුන්ට ප්‍රදර්ශනය කෙරිණි.

මෙම රෝගී තත්ත්වය හා මානසික සෞඛ්‍ය පිළිබඳව මහාචාර්ය අතුල සුමතිපාල මහතා පැමිණ සිටි සියයකට වැඩි ගර්භනී මව්වරුන් දැනුවත් කරමින් කෙටි දේශනයක්ද පැවැත්වී​ය.

මේ එම අවස්ථාවේදී ඡායාරූප සටහනකි.

Related Post

News

Events

Media

Projects

Publications