ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) විසින් 2025 නොවැම්බර් 08 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු අනුස්මරණ දේශනය පැවැත්විණි.
“මානසික සෞඛ්‍යයකින් තොරව සෞඛ්‍යයක් නැත, ජනතාවගේ යහපත සඳහා බලපෑම්කාරී ක්‍රියාමාර්ග පිළිබඳ 25 වසරක පර්යේෂණ සාක්ෂි ” යන මාතෘකාව යටතේ මෙම වසරේ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු අනුස්මරණ දේශනය පවත්වනු ලැබුවේ කීර්තිමත් මනෝචිකිත්සකයෙකු සහ මානසික සෞඛ්‍ය පර්යේෂණවල ගෝලීය ප්රමුඛයෙකු වන මහාචාර්ය අතුල සුමතිපාල විසිනි.
මහාචාර්ය සුමතිපාල මහතා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්යක්ෂවරයා සහ එක්සත් රාජධානියේ කීල් විශ්වවිද්‍යාලයේ මනෝචිකිත්සාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයකු වේ. තව ද එතුමා ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි ගෝලීය මානසික සෞඛ්‍ය පිළිබඳ සම්මානිත මහාචාර්ය, නිවුන් අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ මහලේකම්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මනෝචිකිත්සාව සහ ජෛව වෛද්‍ය පර්යේෂණ පිළිබඳ ආරාධිත මහාචාර්ය, බ්‍රිතාන්‍ය මනෝචිකිත්සා සඟරාවේ සහකාර කර්තෘ සහ ලංකා වෛද්‍ය සඟරාවේ සම-කර්තෘ ලෙස ද කටයුතු කරනු ලැබේ.
මෙම උත්සවය SLMA හි සභාපති ආචාර්ය සුරන්ත පෙරේරාගේ පිළිගැනීමේ කතාවෙන් ආරම්භ වූ අතර ඉන්පසු විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ගරු මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන යන මහත්වරුන්ගේ දේශන පැවැත්විණි.
මෙම දේශනය මගින් මානසික සෞඛ්‍යය පිළිබඳ පුරෝගාමී පර්යේෂණවල වසර 25 ක් ඉස්මතු කෙරුණු අතර, සමස්ත සෞඛ්‍යය සහ යහපැවැත්ම සාක්ෂාත් කර ගැනීමේදී එහි වැදගත් කාර්යභාරය අවධාරණය කෙරින. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මානසික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ භාවිතයන් හැඩගැස්වීම සඳහා මහාචාර්ය අතුල සුමතිපාලයන් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.


























