

පසුගියදා රට තුළ ඇති වූ ව්‍යසනයේ දී භෞතික සහ ද්‍රව්‍යමය දේ අහිමිවීම සහ එමගින් අවතැන් වූ පිරිස් වෙනුවෙන් කඩිනමින් මැදිහත් ව රජය සහ පරිත්‍යාගශීලී ජනතාව එම පිරිස් නැවත නගා සිටුවීම වෙනුවෙන් එක්ව කටයුතු කළ ආකාරය අප දුටුවෙමු.
එම ව්‍යසනයට ලක් වූ පිරිස අතර නොපෙනෙන පැත්ත, “පුද්ගල මානසික බලපෑම”යි. මෙමගින් අප අදහස් කරන්නේ ‘මානසික රෝග’ නො ව, මානසික වියාකූලතත්වය, වියෝ දුක, මානසික කම්පනය ආදී සාධක ය.
එසේ ම අප අවධානයට ලක් කළ යුතු විශේෂ කාරණාවක් වනුයේ ‘දරුවන්’ය. ආපදා තත්වයේ දී දරුවන් කෙරෙහි දක්වන අවධානය සමාජයේ අඩු බවක් පෙනෙන්නට ඇත. ‘දරුවන්ගේ මානසිකත්වය’ පිළිබඳ ව සුවිශේෂ මැදිහත් වීමක් සිදු කළ යුතු බව අප දැඩි සේ විශ්වාස කරමු. එම නිසා මෙම අර්බුදයෙන් ගොඩ ඒමේ දී ඒ සඳහා ගොඩනඟන වැඩපිළිවෙළට ‘සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය’ ලෙස අපගේ මැදිහත්විම සහ ක්‍රියාකාරී ව කටයුතු කල යුතු ආකාරය පිලිබදව සාකච්චාවක් ‘සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ’ අධ්යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වැණි.
IRD මාධ්‍ය ඒකකය




