ජාත්‍යන්තර ලෝකය හරිම පුංචියි!
IRD පර්යේෂණ ජාලය උතුරට සහ නැගෙනහිරට…
සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (IRD) අප පර්යේෂණ ජාලය (Research Networks) උතුරු සහ නැගෙනහිර පළාත් දක්වා ව්‍යාප්ත කිරීමේ සුවිශේෂී පියවරක් පිළිබඳ සතුටුදායක පුවතක් අප ඔබ වෙත ගෙන එන්නෙමු.
මීට සති කිහිපයකට පෙර සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන අප ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල සහ යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය කුමරේන්ද්‍රන් අතර ඉතා වැදගත් සාකච්ඡාවක් පැවැත්විණි. එහි ප්‍රතිඵලයක් ලෙස පර්යේෂණ ක්ෂේත්රයේ ප්‍රජා සහභාගීත්වය (Community Engagement & Involvement – CEI) සම්බන්ධයෙන් නව මාවතක් විවර වී ඇත.
ශ්‍රී ලාංකීය විද්වතුන්ගේ දායකත්වයෙන් ලන්ඩනයේ කිංග්ස් කොලේජ් (King’s College London) සහ බර්මින්හැම් විශ්වවිද්‍යාලය (University of Birmingham) සමඟ එක්ව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සැබවින්ම සුවිශේෂී ව්‍යාපෘතියකි.
මෙම සහයෝගීතා ව්‍යාපෘතියේ විශේෂත්වය:
අප රටේ දක්ෂ වෘත්තිකයන් ජාත්‍යන්තරය සමඟ එක්ව ගොඩනගන මේ ශක්තිමත් ජාලය ඇත්තටම ආඩම්බරයට කරුණකි.
මහාචාර්ය ක්‍රිෂ්ණරාජා නිරන්තරකුමාර් (මෑතකදී කිංග්ස් කොලේජ් වෙත සම්බන්ධ වූ ශ්‍රී ලාංකීය විද්වතෙක්)
මහාචාර්ය කුමරන් (යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය ප්‍රධාන විමර්ශක – Local PI) ඇතුළු ශ්‍රී ලාංකේය ආයතන රැසක දායකත්වය ද එක්කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ පවා දැඩි පරීක්ෂාවන්ට ලක්ව ජයගත් NIHR අරමුදල් සහිත පර්යේෂණ ව්‍යාපෘතියක් වීම.
🎯 මින් ආවරණය වන ප්‍රධාන ක්ෂේත්‍ර:
- දිවයින පුරා CEI ධාරිතාව වර්ධනය කිරීම.
- DigiPath – සමගාමී රෝගාබාධ (Comorbid health) පිළිබඳ වැඩසටහන්.
- පර්යේෂණ ආචාර ධර්ම සහ පාලන රාමුව ශක්තිමත් කිරීම.
- ඩිජිටල් සෞඛ්‍ය නවෝත්පාදන (Digital health innovation).
මෙම වැඩසටහනේ ඉදිරි සැලසුම්:
- CEI සහතික පත්‍ර පාඨමාලා: වසරකට කණ්ඩායම් 4ක් සඳහා (එක් කණ්ඩායමකට සහභාගිවන්නන් 20 බැගින්).
- ආයතන අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම.
- වෘත්තීය විද්‍යාලවල විද්‍යාත්මක සැසිවාරයන්ට සමගාමීව පූර්ව සම්මේලන වැඩමුළු (Pre-congress workshops) පැවැත්වීම.
ජාත්‍යන්තර සහයෝගීතාව සහිත මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සමග සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (IRD) ද එක්වීමත් සමග ශ්‍රී ලංකාවේ පර්යේෂණ ක්ෂේත්රය නව මානයකට රැගෙන යාම නොඅනුමානය!
It’s a Small World!
Extending the IRD research networks to Northern and Eastern Provinces
Excited to share the outcomes of a meeting Prof Sumathipala had with Prof Kumarendran, Professor and Head of the Department of Community Medicine, University of Jaffna, a few weeks ago. It was another groundbreaking discussion on Community Engagement & Involvement (CEI) in research — a truly remarkable collaboration bringing together Sri Lankan expertise with King’s College London and the University of Birmingham.
What makes this special? The incredible web of connections:
* Prof Krishnarajah Nirantharakumar (recently joined King’s, Sri Lankan origin)
* Prof Kumaran (University of Jaffna) as Local PI and many other Sri Lankan organisations and institutions
* An NIHR-funded research project that survived tough scrutiny during Sri Lanka’s economic crisis
* Multiple Sri Lankan professionals, all interconnected through various pathways
This collaboration encompasses:
* Island-wide CEI capacity building
* DigiPath comorbid health initiatives
* Research ethics & governance frameworks
* Digital health innovation
Planning ahead:
* CEI certificate courses — 4 batches annually, 20 participants each
* Strengthening partnerships across institutions
* Pre-congress workshops during professional colleges’ scientific sessions
IRD – මාධ්‍ය ඒකකය