සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණය පිළිබද පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින්
ශ්‍රී ලංකාව තුළ ENHANCE (Scaling-up Care for Perinatal Depression through
Technological Enhancements to the ‘Thinking Healthy Programme’) පර්යේෂණ ව්‍යාපෘතිය යටතේ,
කරන ලද පර්යේෂණ මත පදනම් ව එළි දක්වනු ලබන ‘අඳුරු වලා බිඳ’ මාතෘ විෂාදය
පිළිබද වාර්තාමය ටෙලි නාට්‍යය එළිදැක්වීම හා විද්වත් කතිකාව මාර්තු මස 07 අද
දින සවස 5.00 ලක්ෂ්මන් කදිර්ගාමර් ශ්‍රවණාගාරයේ දී පැවැත්විිණි.
ENHANCE ව්‍යාපෘතිය, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අඩු හා මධ්‍යම ආදායම් ලාබී
රටවල මාතෘ/ පරිජානන විෂාදය සඳහා අනුමත කරන ලද සුවපත් සිතුවිලි (Thinking
Healthy Programme) වැඩසටහන දකුණු ආසියාවේ ක්‍රියාත්මක කිරීම සදහා
පර්යේෂණ කිරීම ඉලක්ක කරගත් එකකි.
එංගලන්තයේ පර්යේෂණ සඳහා මුල්‍යාධාර සපයන ජාතික සෞඛ්‍ය හා සේවා පර්යේෂණ ආයතනයේ (National
Institute for Health and Care Research) මූල්‍යමය දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
‘අඳුරු වලා බිඳ’ වාර්තාමය ටෙලි නාට්‍යය මාතෘ විෂාදය, පරිජානන විෂාදය (පූර්ව
සහ පසු ප්‍රසව විෂාදය) Perinatal depression සහ ඒ සඳහා ඇති මනෝසමාජීය
මැදිහත්වීම් පිළිබඳව මෙමගින් දැනුවත් කෙරේ.
ශ්‍රී ලංකාවේ මව්වරුන්ගෙන් 1/5 ක්
පරිජානන විෂාදයෙන් පීඩා විදියි. ඒ පිලිබඳ ප්‍රජාවේ ඇති අවම දැනුවත් බව සහ
මානසික රෝග කෙරෙහි ඇති වෙනස්කොට සැලකීමේ ස්වභාවය නිසා මව්වරුන්
සෞඛය සේවා ලබාගැනීමේ අඩුවක් දක්නට තිබේ. මෙම නාට්‍ය තුලින් මාතෘ විෂාදය පිලිබඳ සමාජය දැනුවත් කරන අතර ඒ සඳහා අවශ්‍ය සෞඛය සේවා
ලබාගැනීමට ජනතාව දිරිමත් කරයි.
මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත පිරිසක් ඇතුළු වෛද්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, විද්වතුන් බොහෝ පිරිසක් සහභාගී විය.