ශ්‍රී ලංකාවේ ප්‍රසව හා පශ්චාත් ප්‍රසව විෂාදය සඳහා වූ ප්‍රජා මූලික මාතෘ මානසික සෞඛ්‍ය වැඩසටහනක ශක්‍යතාව, පිළිගැනීම සහ මූලික ප්‍රතිඵල තක්සේරු කිරීම තේමා කරගත් සුවිශේෂී ප්‍රජා මූලික නියමු වැඩසටහනක් පසුගියදා (19) ගාල්ලේදී නිල වශයෙන් ආරම්භ කෙරුණි.
මෙම ව්‍යාපෘතිය සංවිධානය කරනු ලබන්නේ සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය විසිනි. ඒ සඳහා මූල්‍ය දායකත්වය සපයනු ලබන්නේ ඕස්ට්‍රේලියානු රජයේ කොළඹ සෘජු ආධාර වැඩසටහන මඟිනි.
මෙරට මව්වරුන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම බලපාන මාතෘ විෂාදය හේතුවෙන් මවට සහ දරුවාට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා සාක්ෂි මත පදනම් වූ විසඳුම් සෙවීම මෙම නියමු අධ්‍යයනයේ ප්‍රධාන අරමුණයි.
මෙම නියමු ව්‍යාපෘතිය යටතේ ප්‍රජා මට්ටමින් ක්‍රියාත්මක වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විශේෂ පුහුණුවකට ලක් කරනු ලබයි. එමඟින් මව්වරුන්ගේ මානසික සෞඛ්‍ය කළමනාකරණය සඳහා වූ ‘සුවපත් සිතුවිලි’ (Thinking Healthy Program) වැඩසටහන වඩාත් ඵලදායී ලෙස බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
දකුණු පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවය සඳහා සෞඛ්‍ය, පරිපාලන සහ විශ්වවිද්‍යාල ක්ෂේත්රවල විද්වතුන් සහ ප්‍රවීණයන් රැසක් සහභාගී වූහ.
වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා වෘත්තීය සහ විද්වත් දායකත්වය සපයමින් අදහස් දැක්වූ පිරිස:
- මහාචාර්ය අතුල සුමතිපාල – අධ්යක්ෂ, සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය
- ආචාර්ය ඕෂිනී ශ්‍රී ජයසිංහ – සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය
- වෛද්‍ය එන්.ජී.එස්. පණ්ඩිතරත්න – දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
- වෛද්‍ය ටී.බී. විමලසේන – නියෝජ්‍ය දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
- වෛද්‍ය ප්‍රසාද් රණවීර – ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
- වෛද්‍ය අමිල චන්ද්‍රසිරි – ප්‍රජා වෛද්‍ය විශේෂඥ, ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය
- මහාචාර්ය හර්ෂිණී රාජපක්ෂ – මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වෛද්‍ය පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය
- වෛද්‍ය රූමි රූබන් – විශේෂඥ මනෝ වෛද්‍ය චිකිත්සක, ගාල්ල ජාතික රෝහල
- වෛද්‍ය අසංක සිංගාරගේ – ගාල්ල දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී
- මහාචාර්ය ත්‍යාගී පොන්නම්පෙරුම – ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වෛද්‍ය පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය
- මහාචාර්ය චම්පා විජේසිංහ – ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය
- ආචාර්ය චාන්දනී සේනාධීර – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය
- වෛද්‍ය රංජිත් ධර්මකීර්ති – නියෝජ්‍ය අධ්යක්ෂ ,ජර්මානු මිත්‍රත්ව රෝහල
- වෛද්‍ය දුමින්ද අක්මීමන – නියෝජ්‍ය අධ්යක්ෂ, ගාල්ල ජාතික රෝහල
- වෛද්‍ය පී.එච්.පී. ගජනායක – වෛද්‍ය නිලධාරී (සැලසුම්), ගාල්ල ජාතික රෝහල
- වෛද්‍ය ධනුජ මහේෂ් – මනෝ වෛද්‍ය විශේෂඥ, ආසිරි රෝහල
- අයේෂා කාරියවසම් මහත්මිය – අතිරේක දිස්ත්‍රික් ලේකම්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
- වෛද්‍ය ප්‍රභාත් නානායක්කාර – ශ්‍රී ලංකා පවුල් වෛද්‍ය විශේෂඥයින්ගේ
ප්‍රජා මට්ටමින් මව්වරුන්ගේ මානසික සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට මෙම සුවිශේෂී වැඩසටහන මනා පිටුවහලක් වනු ඇතැයි උත්සවයට සහභාගී වූ විද්වතුන් මෙහිදී පෙන්වා දුන්හ.
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (IRD)