දත්ත ආරක්ෂණ පනත දේශීය පර්යේෂණ සඳහා බලපාන ආකාරය සහ අමාත්‍යාංශය මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආචාර ධර්ම නියාමනය සහ ඒකාග්‍රතාව යන වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක් අද දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු විය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යය වෛද්‍ය ක්‍රිෂාන්ත අබ්සේන, අමාත්‍යාංශ ලේකම්
වයි.එල්. මොහමඩ් නවවි, අධ්‍යක්ෂ ජනරාල් කුමාරි මීගහකොටුව, සහකාර අධ්‍යක්ෂ කාංචනා ලක්මිණි, පර්යේෂණ ආචාර ධර්ම කමිටු සංසදයේ සභාපති මහාචාර්ය චන්දනී වනිගතුංග, ලේකම් මහාචාර්ය මහාචාරිනි ශාමිණි ප්‍රතාපන්, වෛද්‍ය ජනක පුෂ්පකුමාර පීඨාධිපති වෛද්‍ය හා අනුබද්ධ විද්‍යා පීඨය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, සෞඛ්‍ය හා සමාජ සත්කාර පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල, ජෛව ආචාරධර්ම සම්භන්දීකාරක ආචාර්ය බුද්ධිකා ප්‍රණාන්දු, පර්යේෂණ කවුන්සිලයේ සම ලේකම් ඕෂිනී ශ්‍රී ජයසිංහ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
IRD මාධ්‍ය අංශය





