Search

ආපදාවලින් පීඩාවට පත් දරුවන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් හෙට දවස නිර්මාණය කරමින්…

ශ්‍රී ලංකා පදනම් ආයතනය සහ ජාත්‍යන්තර රතු කුරුස සංගමය එක්ව මෙහෙයවන “ආපදාවලින් දිවි ගලවා ගත් දරුවන් සඳහා මනෝසමාජීය මැදිහත්වීම්” පිළිබඳ විශේෂ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන (08) දින ආරම්භ විය.

මහාචාර්ය අතුල සුමතිපාල සහ ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විශේෂඥ නිල් ප්‍රනාන්දු යන විද්වතුන්ගේ මගපෙන්වීම යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනේ පළමු දින ප්‍රධාන දේශනය මහාචාර්ය අතුල සුමතිපාල මහතා විසින් ද දෙවන දින ප්‍රධාන දේශනය ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විශේෂඥ නිල් ප්‍රනාන්දු මහතා විසින් මෙහෙයවන ලදී.

තෙදිනක් පුරා පැවැත්වෙන මෙමගින් ආපදා කළමනාකරණයේදී දරුවන්ගේ මානසික සුවතාවය සුරැකීමට අවශ්‍ය පුහුණුව ලබා දීමට කටයුතු කෙරේ.

Related Post

News

Events

Media

Projects

Publications